එක්වන්න
ඔබේ ලිවීමේ හැකියාව එකතැන පල්වෙනවාද? එහෙමත් නැති නම් ඔබ කැමතිද ඔබේ හැකියාවන් මුළු ලොවටම පෙන්වන්න. එසේ නම් දැන් සිංහලෙන්, ඔබේ හැඟීම්, දැනීම්, ආකල්ප මුළු ලොවටම දැනෙන්න කියන්න, ලියන්න, අප සමඟ එකතුවෙන්න.
ඔබට සිංහල යුනිකේත භාවිතා කිරීමෙන් ලිවීමේ හැකියාව තිබේ නම් හා වඩාත් අලංකාර ලෙස ලිපි රචනා කිරීමේ හැකියාව තිබේ නම් ඔබට වේදිකාවක් තනා දීමට අප සූදානම්. එමඟින් ඔබට ලැබෙන වාසි රැසකි.
- ඔබේම අනන්‍යතාවක් වෙබ් ක්ෂේත්‍රයේ ගොඩනගාගැනීමට
- ඔබේ බ්ලොග්, වෙබ් අඩවියට නොමිලේම ප්‍රචාරණය ලබාගැනීමට
- ඔබේ හැකියාවන් මුළු ලොවටම කියා පාන්නට
- අතිරේක මුදලක් සොයාගැනීමට
(මෙම වෙබ් අඩවිය සඳහා අනුග්‍රාහකයින් ලබාගැනීමෙන් පසු බව සලකන්න.) - අන්තර්ජාලයේ සිංහල භාෂා ප්‍රවර්ධනයට දායක වීම
- හා තවත් බොහෝ දේ
මීට අමතරව ඔබට වෙබ් අඩවිය හරහා, ලැබෙන පහසුකම් රැසකි.
- ඔබේම @yuthmax.com වර්ගයේ වෙබ් ලිපිනයක්
- yourblog.yuthmax.com යටතේ ස්ථාපිත, තේමා 50කට වඩා ස්ථාපනය කරන ලද නොමිලේ wordpress බ්ලොග් අඩවියක්
- නොමිලේ දැන්වීම ප්‍රචාරණ අවස්ථා
- වෙබ් අඩවියේ පරිපාලක පහසුකම්
මෙම පහසුකම් වෙනුවෙන් ඔබ කිසිදු මුදලක් ගෙවිය යුතු නොමැති යුතු අතර ඔබ කළ යුත්තේ අවම වශයෙන් එක් සතියකට අවම වශයෙන් ලිපි 2ක්වත් යොමු කිරීමයි. ඔබට යම් කිසි හේතුවක් නිසා යම් කිසි කාලයක් තුලදී ලිපි සම්පාදනය කිරීමට අපහසු නම් ඒ බව අපගේ ප්‍රධාන පරිපාලක මණ්ඩලයට දැනුම් දිය යුතුය. දැනුම්දීමකින් තොරව සති දෙකක කාලයකට වැඩි කාලයකට ලිපි සම්පාදනය කරන ලද්දේ නොවේ නම්, ඔබගේ ඉහත පහසුකම් ඉවත් කිරීමේ හැකියාව, ප්‍රධාන පරිපාලක මණ්ඩලය සතුවන බව කාරුණිකව සලකන්න. ඔබට පහත දැක්වෙන මාතෘකා ඔස්සේ ලිපි සම්පාදනය කළ හැක. ඔබට අපගේ ප්‍රවෘත්ති සම්පාදන අංශයටද ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
මාතෘකා.
- නව තාක්ෂණය
- ශ්‍රාස්ත්‍රීය ලිපි
- චිත්‍රපටි විචාර
- නවතම චිත්‍රපටි, ගීත
- කෙටි කතා, නවකතා, සඳැස්, නිසඳැස්
- හාස්‍යජනක කතා
- ඉතිහාස ගවේෂණ
- නූතන ප්‍රවණතා
- විද්‍යාත්මක ලිපි
- අධ්‍යාපනික (පරිගණක, කලා, විද්‍යා, වාණිජ, ගණිත)
ඉතින්, ඔබට පහත සුදුකම් තිබේනම්, දැන්ම සිංහල භාෂාවෙන් (සිංහල යුනිකේත මඟින්) සකසන ලද ලිපියක් admin[@]yuthmax විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. මෙම අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට බැවින්, කරුණාකර ඔබේ තොරතුරු හැකි ඉක්මනින් ලැබීමට සලස්වන්න.
- ඔබේ නම (ඔබ අන්වර්ථ නාමයක් භාවිතා කිරීමට කැමතිනම් එයද, ඔබේ සත්‍ය නම ප්‍රධාන පරිපාලක මණ්ඩලයට හෙළි කිරීමට අකමැති නම් ඔබ භාවිතා කිරීමට කැමැති අන්වර්ථ නාමය පමණක් සටහන් කරන්න)
- ඔබේ දුරකථන අංකය (අත්‍යවශ්‍ය නොවේ)
- සම්පත් බැංකු ගිණුම් අංකය (මුදල් ලැබීමට සැලැස්වීම සඳහා, ගිණුමක් ඇත්නම් පමණි)
- ජාතික හැඳුනුම්පත් අංකය (හෙළිකිරීමට කැමති නම් පමණි. මෙය භාවිතා කරනුයේ ඔබට Mobile Cash මඟින් ගෙවීම් සිදුකිරීමට ඇතිනම් පමණි)
- ඔබගේ බ්ලොග් අඩවිය (ඔබේ හැකියාවන් තහවුරු කිරීමට යොදාගනු ඇත. එබැවින් කරුණාකර මෙය ඉදිරිපත් කරන්නේ නම් මැනවි.)
දැන්මම ක්‍රියාත්මක වන්න. ඔබට ලැබෙන මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.

