Google Chrome, වෙබ් ගවේෂක පරපුරට බිහිවුනු අළුත්ම බිළිඳා.

අන්තර්ජාලය ගැන දන්නා කිසිම අයෙක්, නොදන්නේ නොමැති ආයතනයක් බවට Google පත්වුනේ කලකට පෙර. ඒ ලොව වැඩිම භාවිතාවක් ඇති සෙවුම් යන්ත්‍රය වන Google නිපදවමින්. කෙසේ වෙතත් Google හි විෂය පථය Google සෙවුම් යන්ත්‍රයට සීමා වුනේ නැහැ. Google Labs වල තාක්ෂණඥයන්ගෙ දෑතින් නිමැවුනු නිපැයුම් ලොව පෙරලි කරන්නට සමත් වුනා. GMail යනු වෙබ් මේල් කලාවට අළුත් මානයක් ඉදිරිපත් කළ සාමාජිකයෙක් වුනා.

සුපුරුදු මංපෙතේ ගමන් කරමින් මෙවර Google Labs වෙතින් ඉදිරිපත් කොට තිබෙන්නේ වෙබ් ගවේෂක පරපුරට අළුත්ම සාමාජිකයෙක්. ඒ Google Chrome නමින් අද (03) දින ලොවට ඉදිරිපත් කෙරුනු වෙබ් ගවේෂකයයි.

බැලූ බැල්මටම මෙය තිරයේ වැඩි ඉඩ ප්‍රමාණයක් පරිහීලකයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කරදෙමින්, අඩු ඉඩ ප්‍රමාණයක් පරිභෝජනය කරනා වෙබ් ගවේෂකයක් බව හඳුනා ගත හැකියි. ඒ සඳහා Google Chrome කැප වන ප්‍රමාණය කෙසේද යන්නට, එහි මෙනු බාරයක් හෝ තත්ව දර්ශක බාරයක් (Status Bar) පවා නැති බව කීමෙන් වටහා ගත හැකියි.

මෙනු බාරයක් වෙනුවට, අවැසි විධානයන් කැටි කොටගත් මෙනුවක් දිගහැරෙන බොත්තම් දෙකක් පමණක් මෙහි දැකගත හැකියි. අඩුම වශයෙන් Mozilla Firefox හි වැනි සෙවුම් කොටුවක් (Search Box) හෝ මෙහි දක්නට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට එම කාර්යය සඳහා ද භාවිතා වන්නේ ලිපින බාරයයි. තත්වදර්ශක බාරයේ කාර්යය මෙහිදී සිදුවන්නේ අවැසි විට පමණක් මතුවන, ඉන් අනතුරුව සැඟවෙන පිටුවේ පහතින් දක්නට ලැබෙන කොටුවක් මගින්.

දිස්වීම අතින් මෙන්ම ක්‍රියාකාරිත්වය අතින්ද මෙහි පැහැදිලි වෙනස් කම් රැසක් දක්නට ලැබෙනවා. මෙහි ටැබ් කවුළු ධාවනය වන්නේ එකිනෙකට වෙනස් processes ලෙසින් නිසා, එක් බැටයක අන්තර්ගතය හේතුවෙන් එය හිර (stuck) වුවොත්, එම නිසා සම්පූර්ණ වෙබ් ගවේෂකයම අනතුරට පත්වන්නේ නැහැ. අදාළ ටැබය පමණක් End Process කර දමා ඉතිරි ටැබ් නිවාරදිව භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

Post Metadata

Date
September 7th, 2008

Author
Buddy-J

Tags



1 Comments


  1. uthmax

    ක්‍රෝම් දෝෂ සහගතයිලු…..

    වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)

    මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.

    මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද?

    [Serious Security Flaw in Google Chrome]

    මේ විස්තර කිව්වෙ මලින්ත. එයාගෙ බ්ලොග් එකෙන් තවත් තොරතුරු ‍දැන ගන්න පුලුවන්…


Leave a Reply