නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට තවත් තැනක්
ඔබටත් අවශ්‍යද මුදල් වියදම් නොකරමින් නොමිලේ වෙබ් අඩවියක් සෑදීමට.මෙන්න ඒ සඳහා උසස්ම ගනයේ වෙබ් අඩවියක්. http://www.synthasite.com වෙත පිවිස බලන්න.මෙම වෙබ් අඩවියෙහි වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අපට ලබා ගත හැකි ප්‍රතිලාභ ගොන්නකි.ඉන් කිහිපයක් නම්,
- තමන්ගේ වෙබ් අඩවියෙහි කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොකෙරේ
- කිසිදු බාගත කිරීමක් අවශ්‍ය නොවේ(ඔබට අවශ්‍ය නම් පමණක් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය බාගත කර ගත හැකි ය.)
- ඔබට සතු ඩොමේන් එකකට හොස්ට් කිරීමේ අයිතියද ලැබෙන අතර අවශ්‍ය නම් synthasite.com යන සබ් ඩොමේන් එකක් වෙතට හොස්ට් කළ හැකි ය.
- මනබඳින templates පිටු 34 කින් තෝරා ලබා ගත හැකිය.
මේ සියළු පහසුකම් සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර සීමා මායිම් පැනවීම පවා අවම මට්ටමකින් පවතී.මීට අමතරව ගූගල් ඇඩ්සෙන්ස්, විජිට්ස් ඇතුළු ඕනෑම මෙවලමක් මේ සමඟ හොඳින් ක්‍රියාත්මක වේ
.




