හැරීපොටර් නවතම චිත්‍රපටිය ප්‍රදර්ශනය කල් යයි

ලෝක ව්‍යාප්ත සිනමා රසිකයින්ගේ ඉමහත් ජනාදරයට පාත්‍රවූ හැරී පොටර් චිත්‍රපට මාලාවේ සය වැන්න. එනම්, Harry Potter and the Half Blood Prince සිනමා නිර්මාණය ප්‍රදර්ශණය ආරම්භයට නියමිතව තිබූවේ, මේ වසරේ නොවැම්බර් මස 21වෙනි දිනයේ වූවද, යම් කිසි හේතුවක් මත චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භය ලබන වසරේදී; එනම්, 2009 ජූලි 17දින‍ට කල් තැබිමට චිත්‍රපටි නිෂ්පාදක ආයතනය තීරණය කර ඇති බව විදේශ ප්‍රවෘත්ති ආරන්චි මාර්ග හරහා වාර්තා වේ. මෙම කල් යැවීම නිසා ලොව වටා හැරී පෝටර් චිත්‍රපටි ප්‍රේක්ෂකයන් නොසතුටට පත්වී ඇති බවද විදේශ ප්‍රවෘත්ති ආරන්චි මාර්ග හරහා වාර්තා‍ වේ.

Post Metadata

Date
August 15th, 2008

Author
Supun Sudaraka



Leave a Reply