ඔලිම්පික් ඇරඹේ


ඔව්. ඒ අප සැම එක්ව බලා සිටි අවස්ථාවයි. සමස්ත ලෝ වැසියාගේ සිත් තුල සාමයේ අරුනළු දල්වාලමින්, ලෝකයේ ක්‍රීඩා මහෝත්සවය, එනම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. අද දිනයේ, එනම් ක්‍රිස්තු වර්ෂ දෙදහස් අටේ, අගෝස්තු මස, අටවන දින (08.08.08) චීන වෙලාවෙන් රාත්‍රී අට පසුවී විනාඩි අටෙන්, චීනයේ බෙයිජින්ග් නුවර දී අති උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් ආරම්භ වන ලදී. ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ සමස්ත මහද්වීප පහේ රටවල් 205ක ප්‍රමාණයක් මෙවර 29වැනි වතාවට පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන බව වාර්තා ‍වේ. බටහිර රටවලින් එල්ලවන ලද වූ විවිධ බලපෑම් මධ්‍යයේ හා ටිබෙට් අර්බුද මධ්‍යයේ මෙම සමාරම්භක උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පැසසිය යුතු කරුණකි. නව තාක්ෂණය උපරිම ලෙස භාවිතාකරමින්. අති ආකර්ශණීය ලෙස නිර්මාණයක කරන ලද මෙම සමාරම්භක උත්සවය පැමිණ සිටි ප්‍රේක්ෂකයන් සියළුම දෙනාගේ නෙත් සිත් ඇදගනීමට සමත් වූ අතර, ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්තාව සියල්ලන්ගේ නෙත් සිත් වසඟ කරගැනීමට සමත් වූ බවද නොරහසකි. මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දක්වන්නේ, ශ්‍රී ලාංකීය ඔලිම්පික් පදක්කම් ලාභී, 2008 ඔලිම්පික් සිහිනය වන ආසියාවේ කළු වෙළඹ වන සුසන්තිකා ජයසිංහයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිහිනීම් ඉසව්වෙන් ඩැනියෙල් ලී සමඟ මයුමි රහීම් යන ක්‍රීඩකයන් ඉදිරිපත් වන අතර බොක්සින් ක්‍රීඩාවෙන් අනුරුද්ධ රත්නායක ක්‍රීඩකයාද සහභාගී වීමට නියමිතයි. මීට අමතරව නදීකා ලක්මාලි සහ තිළිණි ජයසිංහ යන ක්‍රීඩිකාවන්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතීම සඳහා, ශ්‍රී ලංකා ජනාධිපති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ‍මේ අවස්තාව වන විට චීන‍යට පිටත්ව ඇත. මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 24 වන දින අවසන් වීමට නියමිතයි. අපිද, ශ්‍රී ලංකාව වෙනුවෙන් සුභ පැතීම සඳහා මෙය අවස්ථාවක් කරගනිමු. මව්බිමේ කීර්තිය වෙනුවෙන් ක්‍රීඩා කරන ලංකා මාතාවගේ දූ පුතුනි, ඔබටයි මේ අ‍පගේ සුභ පැතුම්! ඔලිම්පික් ගැන තවත් විස්තර දැනගන්නට, දිගින් දිගටම YuthMAX වෙබ් අඩවිය සමඟින් රැඳී සිටින්න.



සුපුන් සුදාරක, YuthMAX වෙබ් අඩවිය වෙනුවෙනි.


1 Comments

  1. (කොළඔ,අගෝස්තු,10) - චීනයේ බීජිං නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (10) පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.
    මේ සඳහා ග්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා පිහිණුම් ඉසව්වෙන් මයුමි රහීම් තරග වැදීමට නියමිතය. ග්‍රී ලංකාව නියෝජනය කරන තරග කරුවන්ගෙන් ලාබාලතම තරග කාරියන වන ඇය පසුගියදා පැවති දකුණු ආසියා ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් තුනක් ලබා ගැනීමට සමත් වූවාය.

    ඇය‍ට අපි සුබ පතමු……..


Leave a Reply