Ads

ආන් “අබා” එනවා!

“එකමත් එක කාලෙක අප දේසෙට කුමරෙක් ආවයි වංග රටේ සිට…
විජය තමයි ඒ කුමරුගේ නාමය. ඔහුට හිටිය සොහොයුරා සුමිත්‍රය. සුමිත්‍රගේ පුතු පඬුවස්‍දේවේ…”

ඒ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මූලාරම්භය ලෙස බහුතරයක් දෙනා පිළිගත් මතයයි එමෙන්ම බහුතර දෙනා පිළිගන්නා පරිදි සිංහලේ මුල්ම රජු පණ්ඩුකාභයයි. බහුතරය මතය කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ටත් හෙට දිනයේ සුවිශේෂී දිනයක්. එනම්, එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය සිනමාකරණ ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධනයක් යොදවා නිර්මාණය කරන ලද චිත්‍රපටිය වශයෙන් ජැක්සන් ඇන්තනී මහත්මාගේ සිනමා අධ්‍යක්ෂණයෙන් අලංකාරවත් වූ “අබා” සිනමා නිර්මාණය හෙට දිනයේ; එනම්, 2008.08.08 සුවිශේෂ වූ දිනයේ, දිවයින පුරා සිනමා ශාලා වල ප්‍රදර්ශනය ඇරඹීම හෙට දිනයේ සිදුවීමට නියමිතයි. ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑම සඳහා මහඟු අවස්ථාවක් මෙයින් උදාවන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම විශේෂ කැමරා ප්‍රයෝග. අලංකාර, දැවැන්ත පසුබිම් නිර්මාණ උපක්‍රම භාවිත‍ය හා අලංකාර සංගීතය මෙහි ඇති අලංකාරය හා ගුණාත්මය බව වඩාත් ඉස්මතු කරවීමට සමත්ව ඇත. ශ්‍රී ලාංකීය ජනයා තුල මුල් බැසගත් පණ්ඩුකාභය ඉතිහාස කතාවක් මුල් කරගනිමින් නිර්මිත මෙම චිත්‍රප‍ටි‍යේ ප්‍රධාන චරිතය වන “අබා” චරිතයට සිය රංගන හැකියාවෙන් පන පොවන්නේ අති දක්ෂ සිනමා, ටෙලි නාට්‍ය රංගන ශීල්පියකු, නිවේදකයකු හා රූපවාහිනී වැඩ සටහන් අධ්‍යක්ෂකවරයකු මෙන්ම අබා චිත්‍රපටියේ අධ්‍යක්ෂක වන ජැක්සන් ඇන්තනී මහත්මාගේ පුත්‍ර සජිත අනුත්තර නම් නව යෞවන රංගන ශිල්පියා විසිනුයි. මෙම චිත්‍රපටිය චීනයේදී චීන භාෂාවෙනුත්, එමෙන්ම ඕස්ට්‍රේලියාවේදීත් ප්‍රදර්ශණය වීමට නියමිතයි.


මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය හා කාර්ය මණ්ඩලය මෙසේය… (අබා වෙබ් අඩවිය ඇසුරිණි)

නිශ්පාදනය - ජස්ටින් බෙලගමගේ මහත්මා සහ රාජින්ද්‍රා ජයසිංහල මහත්මිය
අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී

අබා (ප්‍රධාන චරිතය) - සජිත අනුත්තර
උන්මාද චිත්‍ර - සබීතා පෙරේරා
දීඝ ගාමිණී - කාන්චන කොඩිතුවක්කු
භද්‍රකච්චායනා - මාලනී ෆොන්සේකා
අභය - ලූෂන් බුලත්සිංහල
පඬුවස්දෙව් රජ - නීල් අලස්
චිත්‍රරාජ - බිමල් ජයකොඩි
කාලවේල - වසන්ත මොරගොඩ
පණ්ඩුල බ්‍රාහ්මණයා - රවීන්ද්‍ර රන්දෙණිය
පරමුක - ශ්‍රියන්ත මෙන්ඩිස්
හබරා - සෞම්‍ය ලිය‍නගේ
ශුම්බකබතා - දුලානි අනුරාධා
වරමදිරා - තිළිණි වීරසිංහ
තිස්ස - කිංග්ස්ලි ලෝස්
ගිරිකණ්ඩශිව - මධුමාදව අරවින්ද
කිරියක්කිනි - දිනුෂා රාජපතිරණ
සෙන්දා - සේනක ටයිටස්
මහ බෙරණා - වසන්ත දුක්ගන්නාරාළ
වන්ද්‍ර - කසුන් චාමර
අළු‍‍ගෝසුවා - දිමුතු චින්තක
අන්ජක - උදේනි සුබෝධි කුමාර
කසුබු - ජනිත් භානුක
නතුකා - චම්පික කුමාර වීරක්කොඩි
තෙදමු - චින්තක වාස්
රජ කුමරිය - සරලා කාරියවසම්
වින්නඹුව - අයිරාංගනී සේරසිංහ

ජායාරූපකරණ අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ
සහය අධ්‍යක්ෂක - අනුර විජේසිංහ
නිෂ්පාදන කළමණාකරණය - සමන්ප්‍රිය මාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
කලා අධ්‍යක්ෂණය - උදේනි සුබෝධි ‍කුමාර
වේෂ නිරූපණ ශිල්පී - වසන්ත විට්ටචිචි
කොණ්ඩා සැකසුම් ශිල්පී - ලලිත් ධර්මවර්ධන
ගී පද රචක - මහාචාර්ය සුනිල් ආරියරත්න
ඇඳුම් අධ්‍යක්ෂණය - නිහාන් සෙනෙවිරත්න
නර්තන අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
සටන් ප්‍රයෝග අධ්‍යක්ෂණය - ගුරු ජී කරුණාපාල
ශබ්ද පාලනය - කාලිංග ගිහාන් පෙරේරා
සහය සංස්කරණය - අජිත් රාමනායක
ත්‍රිමාණ සජීවීකරණය හා විශේෂ ප්‍රයෝග ශිල්පි - චමත් පරණවිදාන
ඇඳුම් නිර්මාණය - වසන්ත ශ්‍රීනාත්
දෙවැනි සහාය අධ්‍යක්ෂණය - දුමින්ද විදානගමආරච්චිගේ
සංවිධායක - දිනූෂා රාජපතිරණ
ජායාරූප ශිල්පි 1 - දයාවංශ විජේලත්
ජායාරූප ශිල්පී 2 - ලංකා ජයසිංහ
නෙගටිව් මුද්‍රණශිල්පී - ප්‍රශස්ති (ප්‍රසාද් වර්ණ රසායනාගාරය)
DTS - ගීතා ගුරප්පා (රියල් ඉමේජ්)
DiColor - ශිවා කේ කුමාරු


ඉහත දැක්වූ පිරිසගේ දායකත්වයෙන් නිර්මාණ වූ අබා චිත්‍රපටිය 2008.08.08 දින සිට වැල්ලවත්ත සැවෝයි ඇතුළු දිවයින පුරා සියළුම EAP සිනමා ශාලාවන්හී ප්‍රදර්ශණය ඇරඹීමට නියමිතයි!.




“දීඝ ගාමීණී කුමරුගේ නාමෙට, කුමාරයෙක් ලැබුනයි චිත්‍රාවට. දස මාමාවරු ඒති වැඳුම්ගෙට; කුමාරියකි හිටියෙ චිත්‍රා ළඟ…”

(මෙහි අඩංගු ජායාරූප හා උපුටාගන්නා ලද ගී පද වල සියළුම හිමිකාරිත්වය අබා ‍චිත්‍රපටියේ හිමිකරුවන් සතුය)
සුපුන් සුදාරක, YuthMAX වෙබ් අඩවියේ වින්දන විශේෂාංගය වෙනුවෙනි.


Leave a Reply