කොළපතුල

කොළපතුල
ජාවා ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගන්නා අයට කෙන්ට් විශ්ව විද්‍යාලය හා ඩීකින් විශ්ව විද්‍යාලවල එකතුවෙන් අපූරු මෘදුකාංගයක් නිකුත් කරලා තියෙනවා. තියෙන්නේ පරිගණක ක්‍රීඩා හදන්නයි. හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. ජාවා කොන්සෝලය මුලින්ම දකින කෙනෙකුට ජාවා එපා වීම වලක්වන්න මේවගේ දේවල් හදනවා කියලයි හිතන්ඩ පුළුවන්. හැබැයි මේක කොහොම වුනත් ලිනක්ස්, වින්ඩෝස්, මැක් සහ සොලාරිස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක භාවිතාකල හැකි මෘදුකාංගයක්.
ඒ විතරක් නෙමේ Object Oriented සංකල්පය තේරුම්ගැනීම සඳහා විශාල පිටිවහලක් ලැබෙනව. මොකද මේක හදල තියෙන්නේ හරි අපූරුවට ඒ සංකල්පය එළියට එන විදිහට.
මේ වැඩිකතා ඔක්කොම පැත්තකට දාල කියනවනං කාට වුනත් ජාව ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගන්න ගමන් ද්විමාන පරිඝණක ක්‍රීඩාත් නිපදවාගන්ඩ පුලුවන් නොමිලයේම දෙන වටින කියන මෘදුකාංගයක්.
ඇයි තවත් පරක්කුවෙවී ඉන්නේ හොඳ දේකට. මෙන්න තියෙන තැන.


ප්‍රභාෂ්වර
කොහොම වුනත් මේකේ හොඳ තියෙන්නේ ඔක්කොම වගේ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරන එක. ඒ හින්දා මේ මෘදුකාංගයට හොඳ තැනක් තියෙයි කියලා හිතන්න පුළුවන්. අනික් අතින් ගේමිස් කියන පැත්ත අද කාලේ ජනප්‍රිය හින්දත් මේකට හොඳ තැනක් ලැබෙයි.
August 2nd, 2008 at 1:56 pm