අලුත් මීඩියා ෆෝමැට් එකක් හඳුන්වාදෙයි
කොරියාවේ ඉලෙක්ට්‍රෝනික් සහ විදුලි සංදේශ ආයතනය මගින් මේ ළඟදී හඳුන්වාදුන් MT9 නැමැති ඕඩියෝ ෆයිල්
ෆෝමැට් එක ප්‍රධාන වශයෙන් තරඟ වදින්නේ MP3 නැමැති අති ජනප්‍රිය ෆයිල් ෆෝමැට් එක සමඟයි. මෙය මියුසික් ටූ (Music 2.0) පරම්පරාවේ ෆයිල් ෆෝමැට් එකකි. එනම් මෙය මල්ටි ට්‍රැක් වර්ගයේ ෆයිල් ෆෝමැට් එකකි. මෙහිදී හඬ නාලිකා (Channel) 06 ක් ඔස්සේ ය. ඒ වොයිස් (voice), කෝරස්(chorus), පියානෝ(piano), ගිටාර්(guitar), බේස්(bass), ඩ්‍රම්ස් (drums) යන ඒවා ඔස්සේය. එහෙයින් මෙම ෆයිල් ෆෝමැට් එක කැරොකේ (karaoke) බවට පරිවර්තනය කිරීම ඉතා පහසුය.වර්තමානයේ මෙම ෆයිල් එක ධාවනයට මීඩියා ධාවනද නිපදවා අවසාන ය.
සමිපාදනය - yuthmax වෙනුවෙන් ප්‍රභාෂ්වර චන්ද්‍රපද්ම


