Ads

හැරී පොටර් නවතම චිත්‍රපටිය ළඟදීම


එංගලන්ත ලේඛිකාවක වන ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ හැරී පොටර් නව කතා මාලාවේ 6වැන්න ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හය වැනි චිත්‍රපටිය. එනම්, Harry Potter and the Half Blood prince චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය මේ වන විට නිකුත් කර අවසානයි. (ඔබට එය පහත නැරඹීමට හැකියාව සලසා තිබෙනවා.)



පෙර කී පරිදි ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ Harry Potter and the Half Blood Prince නව කතාව පදනම් කරගනිමින් නිපදවා ඇති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඩේවිඩ් යේටස් විසින් වන අතර, මෙහි තිර පිටපත රචනා කර ඇත්තේ ස්ටීව් ක්ලෝව්ස් විසින්. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා හැරී පෝටර් චරිතයට පණ පොවන්නේ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් විසින් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම චිත්‍රපටියේ හර්මයිනි ග්‍රේන්ජර් චරිතයට එමා වොට්සන්ද, රොන් ගේ චරිතය සඳහා රූපර්ට් ග්‍රින්ට්ද දායකත්වය දක්වනවා. එමෙන්ම මෙම චිත්‍රපටියට එක්වන නවතම චරිතය, එනම්, මහාචාර්ය හොරස් ස්ලග්හෝර්න් ගේ චරිතයට පන පොවන්නේ ප්‍රවීන රංගන ශිල්පී ජෝන් බ්රෝඩ්බෙන්ට් විසිනුයි. මෙම චිත්‍රපටිය මේ වසරේ (2008) නොවැම්බර් මස 21වැනි දින ඇමරිකා‍වේ එළිදැක්වීමට නියමිතයි.

මෙම චිත්‍රපටියත් ඔබව අනිවාර්යයෙන්ම සොඳුරු මායා ලොවකට ගෙන යනු නියතයි.




(ජායාරූප විශාල කර නැරඹීම සඳහා කරුණාකර එම ජායාරූප මත ක්ලික් කරන්න)


සුපුන් සුදාරක, YuthMAX වෙබ් අඩවියේ වින්දන විශේෂාංගය වෙනුවෙන්.
Photo(s) © 2008- Warner Bros.- All Rights Reserved

Post Metadata

Date
July 30th, 2008

Author
Supun Sudaraka



Leave a Reply